FAST NEWS

24×7 Around the Globe

දෙහිවල ජාතික සත්ව උද්‍යානය වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  සිංහල හා හින්දු අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් මස 12, 13, 14 යන දිනයන්හි දෙහිවල ජාතික සත්ව උද්‍යානය නරඹන්නන් සදහා විවෘත නොකරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.
සත්වෝද්‍යානය නැවතත් සුපුරුදු ලෙස ලබන 15 වන දින සිට සෑම සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී කාලයේ ද මහජනතාව වෙනුවෙන් විවෘත තැබෙන බව ඇය වැඩි දුරටත් පැවසුවාය.