FAST NEWS

24×7 Around the Globe

පහේ ශිෂ්‍යත්වය පිළිබඳව ජනපති වාර්තාවක් කැඳවයි..

05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී පැවැත්විය යුතු ද නැද්ද යන්න පිළිබඳව මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අධ්‍යාපන බලධාරීන් සමග ඊයේ (12) ජනාධිපති ලේකම් පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනයේ හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වු බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේය.
05 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කළ හොත් ඉන් පසු දක්ෂතා පිරි ළමයින්ට වෙනත් පාසලකට ඇතුළු වීමට ඇති අවස්ථාව සම්පාදනය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව අදාළ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කරන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.