FAST NEWS

24×7 Around the Globe

වසර 140කට පසු වැඩිම උණුසුම දිවයිනට බලපායි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මේ වන විට දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාළගුණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ වසර 140 කට පසු වාර්තා වන වැඩි උණුසුම් කාලගුණයක් මේ වනවිට ලංකාවට බලපා ඇති බවයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම, එල්නිනෝ තත්ත්වය ද මීට බලපා ඇති බවත් චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසර 30 ට සාපේක්ෂව වයඹ, උතුර, උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 03 ත් 04 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් , දිවයිනේ අනෙකුත් පළාත්වල ද උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුව ඇති බවත් කාලගුණ විද්‍යා දත්තවල සදහන් වේ.
මේ තත්ත්වය හමුවේ ශරීරය සිසිල්ව තබා ගැනීමට අවධානය යොමු කළ යුතු බවත් ,වැඩිපුර ජලය පානය කරන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.