FAST NEWS

24×7 Around the Globe

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු මීට වසර 07කට පෙර ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරණාගත භාවය ලබාගෙන තිබුණි.
අධිකරණයට භාර වන ලෙසට කළ නියෝගයකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.
මේ අතර ජාත්‍යන්තර සම්මුතීන් තවදුරටත් කඩ කිරීම හේතුවෙන් ජුලියන් අසාන්ජ්ගේ සරණාගත භාවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරෝනෝ සඳහන් කර ඇති බවත් පැවසේ.