FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස මංගල පී.බී. යාපා මහතා පත් කර ඇති අතර , ඒ මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පත් කර තිබෙන අතර, ඒ මහත්මිය ද අද ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබේ.