FAST NEWS

24×7 Around the Globe

වෙළදපොළේ ඇති ආනයනික මිදි, ඇපල් හා දොඩම්වල තහනම් වල්නාශක…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට වෙළදපොළේ අලෙවි කිරීමට තිබෙන ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල පරීක්ෂා කරනු ලැබූ සාම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් දැනුම්දෙනු ලැබුවේ යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රකාශකර සිටිනවා.
වෙළඳපොලේ දැනට පවතින ආනයනික පළතුරුවල අඩංගු පලිබෝධනාශක සංඝටක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම දිස්ත්‍රික්කයකම පරීක්ෂණ සිදුකර ඇති බවත් එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාවේ දක්වා තිබේ.
මෙම පළිබෝධනාශක සංඝටක, පරීක්ෂා කරන ලද පළතුරුවල අන්තර්ගත වී ඇත්තේ සුළු ප්‍රමාණයකි.
නමුත් එම පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති හෙයින් ආහාරවල අන්තර්ගත විය නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.