FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මීල සංශෝධනය නොකෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාත්‍යන්තර වෙළෙඳපොළේ  ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අවස්ථාවක  මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලැස්විම සඳහා ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වනවිට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුවද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.