FAST NEWS

24×7 Around the Globe

අභිරහසක්ව පැවති කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය අද (10) නිකුත්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභ්‍යවකාශයේ එක් අභිරහසක්ව පැවති කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය අද සන්ධ්‍යාවේදී ලෝකවාසීන්ට නිකුත් කරන බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පිරිසක් සදහන් කරයි.
මෙම කළු කුහරය පිළිබද ගවේෂණය සඳහා ඒ වෙත යවා ඇති Event Horizon Telescope නම් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබෙන අතර ඒ අනුව මෙය කිසි ලෙසකින්වත් සිතුවමක් හෝ පරිගණක ආශ්‍රිත සිතුවමක් නොවන බවද ඔවුන් අවධාරණය කරයි.
අද (10) සන්ධ්‍යාවේදී මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට පමණ ලොව ස්ථාන හයකදී පවත්වන මාධ්‍ය හමු හරහා ඔවුහු මේ පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය කිරීමට සූදානමින් සිටිති.
දැනට පවතින අදහසට අනුව අභ්‍යවකාශයේ පවතින රික්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහර හැඳින්වෙයි.
මෙහිදී ඕනෑම ආලෝකයක සිට විශාල ප්‍රමාණයක ග්‍රහවස්තුවක් දක්වා ගිල ගැනීමේ හැකියාවක් මෙම කළු කුහර සතුව පවතින බව පොදු අදහසයි.