(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද (10) රාත්‍රී 11 දක්වා වලංගු වන පරිදි අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 70-80 දක්වා කෙටි කාලින තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.









