FAST NEWS

24×7 Around the Globe

විදුලිබල අර්බුදය විසඳීමට අගැමති ප්‍රමුඛ කමීටුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීමට මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමීටුවක් පත් කිරිම සඳහා, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමීව තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර / විදුලිබල අමාත්‍ය රවී කරුණානායක / නාවික අමාත්‍ය සාගල රත්නායක හා ඛණිජ තෙල් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු අග්‍රාමාත්‍යවරයා හැර මෙම කමීටුවේ අනෙක් සමාජීකයෝ වෙති.