FAST NEWS

24×7 Around the Globe

විජේදාස රාජපක්ෂ අද (10) ජනපති කොමීසමට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාව අද (10) දිනයේ කැඳවා තිබේ.
හිටපු අමාත්‍යවරයා කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා හෙතෙම කැඳවා තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිසු දරු දැරියන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණයේ හා මහපොළ භාරකාර අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා කොමිසමට කළ පැමිණිලිවලට අදාළව මෙම ප්‍රකාශ ලබා දෙනු ඇත.