FAST NEWS

24×7 Around the Globe

විදුලි කප්පාදුව අදින් අවසන්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වියළි කාළගුණය හමුවේ පැවති විදුලි අර්බුදය හේතුවෙන් දිවයින පුරා සිදුකළ විදුලි කප්පාදුව අද (10) මධ්‍යම රාත්‍රී සිට අවසන් කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
රට තුල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සමග ඇතිවු විදුලි අර්බුදයට විසදුම් ලෙස අදියර තුනක් යටතේ එනම් , කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය රවී කරුණානායක නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව නැවැත්වීමට නම් මෙගාවොට් 500 ක 600 ක පමණ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ යුතු අතර අමතර විදුලිය මිලදී ගැනීම් යටතේ එම ප්‍රමාණය මිලදී ගැනීමට නියමිතව ඇත.
මේ තුළින් වෙසක් උත්සවය අවසන් වනතුරු විදුලිය සැපයීම නිසි අයුරින් සිදුකිරීමට සැලසුම් කර ඇති නමුත් පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.