FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරමකට හලාවත නාගරික මන්ත්‍රීවරයෙක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රී ඩබ්.එස්. ස්ටැන්ලි ලාවුස් ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරයෙකු මෙසේ රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.
මීගමුවේදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර එහිදී කරනු ලැබූ විමර්ශනවලට අදාළව හෙරොයින් ජාවාරමට අනුබලදීම යටතේ මෙම මන්ත්‍රීවරයා ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.