FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙ.නි.පොලිස්පතිවරුන් දෙදෙනෙක්ට සේවා දිගුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට වසරක සේවා දිගුවක් ලබාදීමට අද (09) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමීව තිබේ.
එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ සේවා කාලය අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල දී අවසන් වීමට නියමිතව තිබුණි.