FAST NEWS

24×7 Around the Globe

අද (09) පස්වරුවේ පළාත් 04 කට මී.මී 75 ක තද වැසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (09) මධ්‍යහනයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.