FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව සී.අයි.ඩී ය දැනුම් දෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2008 වසරේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධව , හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේ ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරන ගෙන අවසන් බවත්, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශනය කර, ඉදිරි නඩු දිනයේදී විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කළේය.