FAST NEWS

24×7 Around the Globe

ගාලුමුවදොර හෝටලයක 18 වන මහලෙන් වැටී තරුණයෙක් මරුට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වන මහලින් බිමට ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.