FAST NEWS

24×7 Around the Globe

බස් හා දුම්රිය අද(09) මධ්‍යම රාත්‍රී සිට වර්ජනයේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (09) මධ්‍යම රාත්‍රි සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් / රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් මෙ සඳහා එක්වන බව එම වෘත්තය සමීති කියයි.
මෙම වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු සියලු පාර්ශව දැනුවත් කර ඇතැයිද එම වෘත්තය සමීති කියයි.
මීට අමතරව අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පුද්ගලික බස්රථ සේවක සංගමය පවසයි.
රථවාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කිරීම ඊට හේතුව බව එම සංගමය කියයි.
මෙම නව දඩ මුදල් ක්‍රමය වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් වර්ජනයේ නිරත වන බව එම සංගමය කියයි.