FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා සහ ජනපති අතර හමුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඬලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළකර තිබේ.
ලංකාවට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡා සිදුකර ඇත.
කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමේ දී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.
ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබදව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වෙත සිය ස්තූතිය පළ කරනු ලැබීය.