FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් ජීවිත ගමනට සමුදෙයි…

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අද (08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසුවිය.
එච්.එම්. ජයවර්ධනයන් ගායක කසුන් කල්හාරගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.