FAST NEWS

24×7 Around the Globe

වියළි කාලගුණයත් සමඟ වෛරසයක් පැතිරයාමේ අවධානමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින වියළි කාලගුණයත් සමඟ තේ වතු අශ්‍රිතව වෛරසයක් පැතිරයාමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි.
බගවන්තලාව දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් එ.එස්.කේ ජයසූරිය මහතා සදහන්කර සිටියේ වෛරසය පැතිර යාමෙන් තම රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට කුඩා ළමුන් සහ වැඩිහිටියන් දිනපතා විශාල පිරිසක් පැමිණෙන බවයි.
පවතින වියළි කාලගුණයත් සමග තේ වතු අශ්‍රිතව වතු කම්කරුවන් ලබා ගන්නා පානීය ජලය පිරිපහදු නොකර පානය කිරීම නිසා මෙම වෛරසය පැතිර යන්නට හේතුව වී ඇති බව වෛද්‍යවරුන් සැක පළ කරයි.
මෙහිදී වමනය , පාචනය සහ උදරයේ වේදනාව යන රෝග ලක්ෂණ සහිතව එම පිරිස් රෝහලට පැමිණෙන බවත්, ඉන් කිහිපදෙනෙක් රෝහලේ නේවාසිකවද ප්‍රතිකාර ලබන බවත් දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා සදහන් කළේය.
වියළි කාලගුණය හමුවේ ජලය හොදින් රත් කර නිවා පෙරා පානය කරන ලෙසත් , වැසිකිලි යාමෙන් පසු දෑත් සබන් යොදා හොදින් සෝදන ලෙසත් වෛද්‍ය ඒ.එස්.කේ ජයසූරිය මහතා අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.