FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේදී තැපැල් කටයුතු කඩිනම් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී තැපෑල හරහා භාණ්ඩ වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් තැපෑල මගින් සිදු කෙරෙන භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු කඩිනම් කරන ලෙස තැපැල් අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය සේවය ලබාදීම තැපැල් දෙපාර්තමේන්තුවේ අරමුණ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.