FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාවෙන් පොදු සමා කාලයක් ලබාදෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේය. 
අප්‍රේල් 22 වනදා සිට මැයි 10 වනදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති අතර , ඒ අනුව අංශ 04 ක් යටතේ ඔවුන් නීත්‍යානුකූළව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.