FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය අයවැය ඡන්දයෙන් වැළකෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි.
එසේම ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිමටත් තීරණය කර ඇති බව එම පක්ෂ කියයි.
දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දෙනු ඇති බවද පැවසේ.
අයවැය තෙවන වර කියැවිමේ ඡන්ද විමසීම අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවේදි පැවැත්විමට නියමීතය.