නව පාර්ලිමේන්තුවේ රාජාසන කතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 3.00ට ඇරැඹීය.
ජනපති රාජාසන කතාව කළේ කතානායක ආසනයේ සිටය.
ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු සියලු දෙනා පිළි ගන්නා බව ජනපති සිය කතාව අරඹමින් කීවේය.
දරු දැරියන් අයිපෑඩයක් ගෙන පෙර පාසල් යන යුගය මේ පාර්ලිමේන්තු කාලයේ දී සිදු වීමට නියමිත බව ජනපති සඳහන් කළේය.
‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සේනාධිනායක ලෙස රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරනවා. එය නොපිරිහෙලා ඉටු කරනවා. අදින් ඇරැඹෙන පාර්ලිමේන්තුව ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.‘ යැයි කී ජනපති ජාතික ආණ්ඩු සංකල්පය ගැන පැහැදිලි කළේය.
‘සම්මුති වාදී ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය වන්නේ ජාතීන් අතර සන්හිඳියාව ඇති කරමින් සංවර්ධනය ගෙන යෑමයි.‘
‘මෛත්‍රීපාලනයක් – ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික පදනම වශයෙන් පවතිනවා. පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ පංචවිද ප්‍රතිපත්ති ප්‍රකාශනයද , සන්ධානය ඉදිරිපත් කළ අනාගතයට සහතිකයක් ප්‍රකාශනයද, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද මෛත්‍රීපාලනයක් – ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ සන්සන්ධනය කරමින් පවතිනවා. ‘ යැයි ද සිරිසේන මහතා සඳහන් කළේය.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතියේ උත්තරීතර ලේඛණයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් නිදහසින් පසු අපි ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අද වන තුරු සියලු දෙනාට එකඟ විය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතර කර ගෙන නැහැ. 78 ආණ්ඩුක්‍රමය සම්මත වූ දා පටන් විවිධ චෝදනා එල්ල වුණා.‘
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට පැවරෙන බව ජනපති කීවේය.
නව රජය නිපුනතා සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනපතිගේ කතාවේ දී කියැවිණි.
රාජ්‍ය දේපොළ අයථා පරිහරණය කළැයි චෝදනා එල්ල වී ඇති අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ජනපති කීවේය.
‘විධායක ජනාධිපතික්‍රමය ගැන අවසන් තීන්දුව ගැනීම මේ පාර්ලිමේන්තුවේ වගකීමක්.‘
‘ආසියා කේන්ද්‍රීය මැද මාවතේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ‘පසුගිය මාස හතක කාලයේ මෙතෙක් පැවැති තත්ත්වය රප අටට වාසි සහගත ලෙසත්, රටේ කීර්ති නාමය හොඳ අතට ගැනීමටත් මාගේ ආණ්ඩුවට හැකි වුණා.‘
‘ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ පිරිසට අවශ්‍ය වරප්‍රසාද හා සුබසාධනය වැඩි කරනවා.‘
‘ ප්‍රසිද්ධ ස්ථානවල දී පෙළපත් නාමය භාවිතා කිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට අනුව ඉඩ දීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගේනවා. ‘
‘විදෙස් ගත උගතුන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.‘
‘මේ රට නිදහස ලැබුණු දා සිට ප්‍රධාන පක්ෂ දෙකක් රට පාලනය කළා. එක් පක්ෂයක් වසර 35ක් සහ තවත් පක්ෂයක් වසර 32ක් රට පාලනය කළා. එකිනෙකාට චෝදනා කර ගන්නවා වෙනුවට රටේ අභිවෘද්දියට සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ‘
පස්වරු 3.30ට ජනපති සිය රාජාසන කතාව අවසන් කළේය.
පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (03) පෙරවරු 9.30 දක්වා කල් තැබිණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.