FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කිරිමට අද (05) අභියාචනාධිකරණය තීරණය කළේය.
දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ.
2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පැනවුයේය.
මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.