FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් අමාත්‍යංශ වෙඩි තැබිමේ සිද්ධියේ චෝදනාවලින් පොලිස් සැරයන් නිදහස්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා එම චෝදනාවලින් මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.
සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇති බව ඒ පිළිබඳව විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය අද (05) අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේ ය.
2018 වසරේ ඔක්තෝබර් 27 වන දා දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය තුළදී ඇති වූ නොසන්සුන්තාවකදී අදාළ වෙඩි තැබීම සිදු වූ අතර, ඉන් එක් අයෙකු මිය ගියේය.