FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පී රයන් වෑන් අධිකරණයට – අනික් සිව්දෙනා නිදහස්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමග සිටි අනික් සැකකරුවන් සිව්දෙනා නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ප්‍රශ්න කිරීමෙන්වලින් අනතුරුවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රයන් වැන් රෝයන්ට එරෙහිව ඇති ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරරෙන පරීක්ෂණයකට අදාලව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහුව වැලිගම පොලිස් ස්ථානයට බාර දෙනු ලැබූ බවයි.