FAST NEWS

24×7 Around the Globe

බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීමට යළිත් අවසර – මුදල් ඇමති…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබේ.
පසුගිය කාලවකවානුවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම සහ විදේශ සංචිත පිරිහීම හේතුවෙන් බලපත්‍ර යටතේ වාහන ආනයනයට සීමාවන් වැටුණි.
ඒ අනුව තීරු බදු රහිත වාහන ආනයනය සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර ලබා ගත් වාහන බලපත්‍ර සඳහා ලබන ජුනි මස 01 වනදායින් පසු ණයවර ලිපි විවෘත කළ හැක.
මීට අමතරව ඔක්තෝම්බර් 01 වනදායින් පසුව ලබා ගන්නා බලපත්‍ර සඳහා ඕනෑම දිනෙක ණයවර ලිපි විවෘත කළ හැකි බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් අදහස් දැක්වීය.