FAST NEWS

24×7 Around the Globe

අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම අද (05)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00 ට සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
පසුගිය මාර්තු මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
දින 06 ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12වනදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 119ක් සහ විරුද්ධව ඡන්ද 76 ක් හිමි විය.
අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත් වු අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වු පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට අද (05) දිනයේ සිදු කිරිමට නියමීතය.
මේ අතර අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ සමඟ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබා දීමට නියමිතව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කර තිබේ.
එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්‍ත්‍රි කණ්ඩායම රැස් වී ඒ පිළබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.