FAST NEWS

24×7 Around the Globe

මධූෂ්ව ලංකාවට ගෙන්වා ගැනීම සදහා සාකච්ජා කිරීමට තිලක් මාරපන ඩුබායි යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වෙයි.
මේ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඔවුන් ඊයේ (03) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් හමුවී ඇති අතර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියක් එරට ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇතිි බව සඳහන් වෙයි.