FAST NEWS

24×7 Around the Globe

මහපොල ශිෂ්‍යාධාරය සෘජුවම සිසුන්ගේ බැංකු ගිණුම් වෙත…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහපොල ශිෂ්‍යාධාරය සෘජුවම විශ්ව විද්‍යාල සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට අදාල චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
මෙතෙක් කාලයක් මහපොල ශිෂ්‍යාධාරය ගෙවනු ලැබුවේ විශ්ව විද්‍යාලය හරහා වන අතර , මේ මාසයේ සිට සෑම මාසයකම 15 වනදා එම ශිෂ්‍යාධාරය සෘජුවම සිසුන් වෙත ගෙවීමට අදාල පියවර ගෙන ඇති බව මහපොල ශිෂ්‍යාධාර භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර මහතා කියා සිටියේය.
සිසුන් පත්වන අපහසුතාවන් පිළිබද සළකා නව වැඩපිළිවෙල සකස් කර ඇති බවයි පරාක්‍රම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.