FAST NEWS

24×7 Around the Globe

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට ඇප…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි එමිල් රංජන් ළමාහේවා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (04) නියම කළේය.
ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි.
හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටද මෙහිදී නියම කෙරුණි.
2012 වසරේ සිදුවූ වැලිකඩ ගැටුමේදී 27 දෙනෙකු ඝාතනයට ලක්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.