FAST NEWS

24×7 Around the Globe

ජනතාවට වන්දි ගෙවන්නැයි චුන්නාක්කම් විදුලි බලාගාර පාලනාධිකාරියට නියෝග..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වි ඇති හෙයින් එම ප්‍රදේශයේ ජනතාව රුපියල් ලක්ෂ 200ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.
ඒ පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.
එම විදුලි බලාගාරය හේතුවෙන් භූගත ජලයට තෙල් හා ග්‍රීස් මිශ්‍රණය වී ඇති හෙයින් ප්‍රදේශවාසීන් 500ක් වෙනුවෙන් උපරිමය රැපියල් 40000ක් දක්වා මෙම වන්දි මුදල ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.