FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සිව්වන දිනයටත් සී.අයි.ඩී යට.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (04) සිව්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියි.
එම සිද්ධියට අදාළව පසුගිය සඳුදා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 08 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.