FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේදී වෙළඳ විෂමාචාරයන් ගැන පැමිණිලි කරන්න – පාරිභෝගික අධිකාරිය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹ තිබෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයන් විශාල පිරිසක් බඩු භාණ්ඩ ආදිය මිලදී ගන්නා අතර මේ සමයේ සිදුවන වෙළඳ විෂමාචාරයන් සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
මේ පිළිබදව 1977 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පැමිණිලි අංශයේ 011 7755481, 011 7755482 සහ 011 7755483 යන අංකවලට තොරතුරු දැනුම්දිය හැකි බව ඔවුන් ජනතාවට දැනුම් දෙයි.
පාරිභෝගික අධිකාරිය නියම කර ඇති විධානයන්ට හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, සැපයීම, ගබඩා කර තැබීම, ප්‍රවාහනය සහ විකිණිම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන ද ක්‍රියාත්මක වෙයි.
මේ අතර භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණීමේදී අදාල නියමයන්ට අනුව වගකීම් කාලයක් ලබානොදීම සම්බන්ධයෙන් ද මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.