FAST NEWS

24×7 Around the Globe

අද (03) ඌව පළාත් රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනයක…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමෝදර දිසා රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධ ගැටලුවේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ක්‍රියාකළ ආකාරයට විරෝධය පළ කරමින් එම පළාතේ රජයේ සියලු වෛද්‍යවරුන් අද (03) වැඩ වර්ජනයක නිරත වෙයි.
මෙම ගැටළුව පිළිබදව පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කළද ඊට විසදුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ අතර දෙමෝදර ප්‍රාදේශීය රෝහල වසා දමා එහි කාර්ය මණ්ඩලය බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට වාර්තාකර තිබෙන අතර , ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේ ඒ පිළිබඳව තමන් දැනුවත් කර ඇති බවයි.