FAST NEWS

24×7 Around the Globe

ලංකා විදුලිබල මණ්ඩලයට නොතීසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 09 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලයට නොතීසි නිකුත් කර තිබේ.
ඒ , විදුලිය සැපයුම් සහ කප්පාදු කිරීම් පිළිබඳ කරුණු දැක්වීම සදහායි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව ගොණුකර තිබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
2018 වසරේ මැයි මස 28 වන දින සිට මේ දක්වා විදුලිය සැපයුම් තොරතුරු සහ විදුලිය කප්පාදු කිරීම් පිළිබඳ තොරතුරු ලබා දීම ලංකා විදුලිබල මණ්ඩලය පැහැර හැර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධිකරණය හමුවේ කරුණු සදහන්කර ඇත.