FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂ විවාදය අද (03)..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය යටතේ අද (03) පාර්ලිමේන්තුවේදී පවැත්වෙයි.
ඒ අනුව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය,වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය,කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.
එසේම අයවැය කාරක සභා ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ වෙනුවට එම අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්කු දෙකක් අද  (03) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.