FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණයෙන් 73 ,368 කට පීඩා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 73 ,368 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
උතුර, වයඹ සහ බස්නාහිර පළාත්වලට මේ තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත.
මේ අතර හෙට (03) දිනයේ වයඹ පළාත මෙන්ම මන්නාරම, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලට තරමක් උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.