FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නඩු කඩිනම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන ලෙස රජයේ සියලු නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට විභාග වෙමින් පවතින නඩුවලට අදාළව ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිම මෙහි අරමුණ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
නඩු කඩිනමින් අවසන් කර එම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී ඇත.
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 769 කට අධික තොගයක් ඊයේ විනාශ කරනු ලැබු අතර ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය යටතේ ඊයේ (01) එම කටයුතු ආරම්භ කෙරුණි.