FAST NEWS

24×7 Around the Globe

බක්මහ දිවුරුම හෙට (03) ජනපති ප්‍රධානත්වයෙන්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම වැඩසටහනේ ප‍්‍රධාන උත්සවය අප්‍රේල් 03 වනදා පෙරවරු 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගීකර ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලුදෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක්කර ගැනීමට නියමිතය.
හෙට පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර, පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද , 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදු කෙරෙනවා.
එමෙන්ම පාසල් සිසුන් සදහා සිංහල බසින් පෙරවරු 8.34 සිට 8.36 දක්වා ද , පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද  බක්මහ දිවුරුම ඉදිරිපත් කරයි.
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමට ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට බේදයකින් තොරව සියලු ශ‍්‍රී ලාංකික ජනතාවට ආරාධනා කෙරේ.