FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි සඳහා 25,000 දඩය ගැසට් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ඒ අනුව ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කිරීමෙන් නීතියක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
2017 අයවැය යෝජනාවේ 486 න් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා විය.
කෙසේ මුත් එම දඩ මුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කළේය.
එම කමිටුව සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව මාර්ග අනතුරු සඳහා බලපාන වැරදි හතක් ප්‍රධාන වශයෙන් හඳුනා ගෙන එම වැරදි සඳහා අයකරන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමටද කමිටුව නිර්දේශ කළ බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මොටර් වාහන පනතේ 123, 141, 148, 152, 196, 216, 217, 218, 224 යන වගන්ති සහ ප්‍රධාන ප්‍රඥ්පතියේ දෙවැනි උප ලේඛනය සංශෝධනය කිරීමේ යෝජිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීම සඳහාත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි පසුගියදා හිමිවු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ (01) නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කරන රථ වාහන වැරදි හය වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය කිරිමයි.
වමෙන් ඉස්සරහ කිරීමේ දඩයද වැඩි කර ඇත.
එම දඩ වැඩිවන ආකාරය දැක්වෙන වගුව පහත පරිදි වේ.