FAST NEWS

24×7 Around the Globe

වෙල්ගමට එරෙහි අල්ලස් කොමිසමේ නඩුව මැයි 07 ට කල් තැබේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති පැමිණිල්ල විභාග කිරීම මැයි මස 07 වනදා තෙක් කල් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
වෙල්ගම මහතාට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දින ලබාදෙන ලෙසට අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගක ලබා දුන්නේය.
කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ සමයේදී ලංකාගමනාගමන මණ්ඩලයේ උපසභාපති තනතුරක් ඇති කර ඊට තම හිතවෙතෙකු පත් කර ඔහුට රුපියල් ලක්ෂ 33 කට ආසන්න වැටුප් සහ දීමනා ගෙවූ බවටයි චෝදනා යටතේ ,අල්ලස් පනත යටතේ ගැණෙන දුෂණය නැමති වරද ඔහු විසින් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.