FAST NEWS

24×7 Around the Globe

බිස්කට් ඇතුලු රසකැවිලි සදහා වර්ණ සංකේතය අද (02) සිට අනිවාර්යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බිස්කට් ඇතුලු රසකැවිලි වර්ග සදහා අද (02) සිට වර්ණ සංකේත ක්‍රමය අනිවාර්යය වන අතර , ඒ අනුව අදාල ආහාරවල සීනි ලුණු සහ මේදය අඩංගු ප්‍රමාණ අනුව එම ආහාර ඇසුරුම් දවටනවල වර්ණ සංකේත සටහන් කළ යුතුය.
යම් රසකැවිලි හෝ බිස්කට් ග්‍රෑම් සියයක සීනි ග්‍රෑම් 22 කට වඩා අඩංගු නම් රතු ලේබලයද , සීනී ග්‍රෑම් 08 සිට 22 දක්වා අඩංගු නම් කහ ලේබලයද සීනී ග්‍රෑම් 08 ට අඩුනම් කොළ ලේබලයද ප්‍රදර්ශනය කළ යුතු වෙයි.
ලුණු සදහා අදාළ වර්ණ සංකේත රේගුලාසි යටතේ රසකැවිලි හෝ බිස්කට් ග්‍රෑම් සියයක ලුණු ග්‍රෑම් 01 දශම 2 යි 5 ට වඩා අඩංගු නම් රතු ලේබලයද , ලුණු ග්‍රෑම් 01 යි දශම 02 යි 5 සිට 2 යි දශම 5 දක්වා අඩංගු නම් කහ ලේබලයද , ලුණු ග්‍රෑම් 02 යි දශම 5 කට අඩුකම් කොළ ලේබලයද ප්‍රදර්ශනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේදය සදහා නියම කර ඇති වර්ණ සංකේත අනුව සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 17 යි දශම 5 ට වඩා වැඩිනම් රතු ලේබලයද , මේදය ග්‍රෑම් 3 සිට ග්‍රෑම් 17 යි දශම 5 දක්වා අඩංගු නම් කහ ලේබලයද , මේදය ග්‍රෑම් 3 කට වඩා අඩුනම් කොළ ලේබලයද ප්‍රදර්ශනය කළ යුතු බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.