FAST NEWS

24×7 Around the Globe

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අද (02) අධිකරණය හමුවට…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01) අත්අඩංගුවට ගත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (02) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ, 2008 වසරේ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හේතුවෙන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01) අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර, අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.