FAST NEWS

24×7 Around the Globe

ළමා හෘද රෝග සැත්කම් කිරීමට අවශ්‍ය යන්ත්‍ර 17ක් ආනයනයට පියවර…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යය රාජිත සේනාරත්න මහතා විසින් දරුවන්ගේ හෘද රෝග සැත්කම් කිරීමට අවශ්‍ය යන්ත්‍ර 17 ක් ආනයනය කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ මේ වන විට හෘද සැත්කම් සිදු කර ගැනීම සදහා දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් , එම යන්ත්‍ර ආනයනයෙන් පසු රිඡ්වේ ආර්යා ළමා රෝහල ඇතුලු ළමා රෝග ඒකක පවතින රෝහල් 17 ක අදාළ සැත්කම් සිදුකිරීමට නියමිත බවත්ය.
එම යන්ත්‍ර කඩිනමින් ආනයනය කර සැත්කම් ප්‍රමාදයකින් තොරව සිදුකරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
එමෙන්ම හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහලු අක්‍රීයවීම පාලනයට අවශ්‍ය නයිටි්‍රක් ඔක්සයිඞ් සිලින්ඩරද කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට නියමිතයි.