FAST NEWS

24×7 Around the Globe

ප්‍රාථමික සෞඛ්‍ය වැඩිදියුණූ කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 60 ක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් ලබා දී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
රුපියල් මිලියන 60 ක මුදලින් රුපියල් මිලියන 37.5 ක් සහනදායි ණය මුදලක් ලෙසද, රුපියල් මිලියන 12.5 ක් දිමනාවක් ලෙසද, ඉතිරි රුපියල් මිලියන 10 රජයේ අනුමැතිය යටතේද හිමිවන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය 2023 වසරේ නොවැම්බර් මස 30 දින අවසන් කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව යන පළාත් ආවරණය කෙරෙයි.
එම ප්‍රදේශවල ජනතාවගේ සමාජීය, භූගෝලීය සහ ආර්ථීකමය කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් සෞඛ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරිම මෙහිදි සිදුවන බවත් එම අමාත්‍යාංශය පවසයි.
මෙම ව්‍යාපෘතිය ජනගත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ලබන මස 01 දා පස්වරු 5.00 ට සිදු කිරීමට නියමිතය.