FAST NEWS

24×7 Around the Globe

දිමුත්ට අධිකරණයෙන් ලැබුණූ තීන්දුව මෙන්න..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බීමතින් රිය පදවා බොරැල්ල කිංසි පාර ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් අනතුරට පත් කිරිම සම්බන්ධයෙන් ,කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අද (01) නියෝග කළේය.
එසේම ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවිමට අධිකරණය නියෝග කළ අතර හෙතෙම නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.