FAST NEWS

24×7 Around the Globe

කුවේට්හි දී වදහිංසා වලට මුහුණදුන් ශ්‍රී ලාංකිකයන් 57ක් නැවතත් දිවයිනට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේට් රාජ්‍යයේ රැකියා සදහා පිටත්ව ගොස් සිට විවිධ හිරිහැර වලට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙක් අද (01) නැවතත් ලංකාවට එවා තිබුණි.
මෙම පිරිස අතරින් 48 දෙනෙකුම කාන්තාවන් වන අතර, ඉතිරි 09 දෙනා පිරිමි පුද්ගලයන් වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස භාරගෙන ඇති අතර, ඔවුන්ගේ නිවෙස් කරා යෑමට දීමනාවක් ද ලබාදී පිටත් කිරීමට කටයුතු කර තිබේ.